[vc_row][vc_column][vc_column_text]Damma TV රූපවාහිනිය ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම දම්ම රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, දම්ම රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද Damma TV රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_single_image image=”1064″ img_size=”large” alignment=”center”][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Damma TV රූපවාහිනියේ නිර්මාතෘ වරයාණන් වහන්සේ ශ්‍රි සද්ධර්ම මධුරභාණි ශාසන ශෝභන කාව්‍ය විශාරද  කන්ද කැටිය ධමිම රතන ස්වාමීන් වහන්සේයි.

 එසේ ම රූපවාහිනිය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන්  මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස Damma TV ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය..

[/vc_column_text][/vc_column][/vc_row]